ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද නවතම දත්ත වාර්තාවන්ට අනුව, 2026 වසරේ මුල් මාස අට තුළ රාජ්‍ය අයවැය රුපියල් බිලියන 35.4ක අතිරික්තයක් වාර්තා කිරීමට රජයට හැකි වී තිබේ. පසුගිය වසරේ එම කාලසීමාව තුළ රුපියල් බිලියන 411ක අයවැය හිඟයක් පැවති පසුබිමක, මෙවර වාර්තා වී ඇති මෙම මූල්‍ය වර්ධනය කැපී පෙනෙන සිදුවීමකි.

මෙම කාලසීමාව තුළ රජයේ සමස්ත ආදායම සහ අනුදාන සියයට 21.2කින් ඉහළ ගොස් රුපියල් බිලියන 4,002.3ක් ලෙස සටහන්ව ඇත. එමෙන්ම රාජ්‍ය වියදම් සියයට 6.9කින් ඉහළ ගොස් රුපියල් බිලියන 3,966.9ක් බවට පත්ව තිබේ.

රටේ විදේශ සංචිත තත්ත්වය ද යහපත් අතට හැරෙමින් පවතින අතර, ඔක්තෝබර් 02 වන විට නිල විදේශ සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 6.93 දක්වා ඉහළ ගොස් ඇත. කෙසේ වෙතත්, ආනයන වියදම් ඉහළ යෑම හේතුවෙන් වෙළඳ හිඟය අමෙරිකානු ඩොලර් බිලියන 7.18 දක්වා පුළුල් වී තිබේ.

මීට අමතරව, 2026 වසරේ දෙවැනි කාර්තුව තුළ දළ දේශීය නිෂ්පාදිතය සියයට 4.2කින් වර්ධනය වී ඇති අතර, එම කාලය තුළ රැකියා විරහිතභාවය සියයට 4.0ක් ලෙස වාර්තා වී ඇත. මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතිකය සියයට 8.75ක මට්ටමේ ස්ථාවරව පවතින බව ද වාර්තා වේ.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version