ලොව පුරා ඉහළ යන බෙදීම්, ගැටුම් සහ ආතතීන් හමුවේ මහත්මා ගාන්ධි විසින් ලොවට දායාද කළ සාමය, අවිහිංසාව සහ සංවාදයේ මූලධර්ම යළි සිහිපත් කරමින් ඒවා අනුගමනය කරන ලෙස එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් ජාත්යන්තර ප්රජාවගෙන් ඉල්ලා සිටී. ජාත්යන්තර අවිහිංසා දිනය නිමිත්තෙන් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කළේය.
ගාන්ධි සිය ජීවිතය පුරා සාමයේ මූලධර්ම අත්නොහරිමින් ගැඹුරු සහ දිගුකාලීන වෙනසක් ඇති කළ හැකි ආකාරය පිළිබඳ ලොවට කදිම ආදර්ශයක් ලබා දුන් බව මහලේකම්වරයා පෙන්වා දෙයි. අසාධාරණයට එරෙහිව සටන් කිරීමේදී ප්රචණ්ඩත්වය වෙනුවට සංවාදය සහ අවිහිංසාව භාවිත කිරීම තුළින් මිනිස් ගෞරවය ආරක්ෂා කරගත හැකි බව ඔහු අවධාරණය කරයි.
“මිනිසුන් අද වන විට දැඩි පීඩාවකට පත්ව සිටිනවා. දුප්පත්කම සහ අසමානතාවය සමාජයේ පරතරය තවදුරටත් පුළුල් කරමින් තිබෙනවා,” යනුවෙන් ගුටරෙස් වැඩිදුරටත් සඳහන් කළේය. ජාත්යන්තර නීතිය, මානව හිමිකම් සහ රාජ්යතාන්ත්රිකත්වය නොසලකා හැරීම වර්තමාන ලෝකයේ පවතින බරපතළ අභියෝගයක් බව ද ඔහු පෙන්වා දෙයි.
මේ අතර, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉන්දීය නිත්ය නියෝජිත හරිෂ් පාර්වතනේනි මහතා ද පවසා ඇත්තේ දේශගුණික අර්බුද සහ අන්තවාදය වැනි ගෝලීය අභියෝග හමුවේ ගාන්ධිගේ ‘සර්වෝදය’ සංකල්පය සහ පරිසර හිතකාමී අදහස් අතිශය වැදගත් වන බවයි. “සාමය කරා යන මාර්ගයක් නොමැත, සාමයම මාර්ගයයි” යන ගාන්ධිගේ ප්රකට කියමන සිහිපත් කරමින්, අවිහිංසාව ඔස්සේ සාමකාමී ලෝකයක් ගොඩනැගීමට එක්ව කටයුතු කරන ලෙස ඔහු ජාත්යන්තර ප්රජාවට ආරාධනා කළේය.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර