36 වන ජාතික යෞවන ක්රීඩා උළෙලට සමගාමීව සංවිධානය කළ කළුතර දිස්ත්රික් ක්රීඩා උළෙලේ සමාප්ති උත්සවය සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්රධානත්වයෙන් පසුගියදා බණ්ඩාරගම, සිරි පියරතන මාවතේ පිහිටි කළුතර දිස්ත්රික් ක්රීඩා සංකීර්ණයේදී පැවැත්විණි.
මෙම තරගාවලියේ සමස්ත ශූරතාව පානදුර ප්රාදේශීය ලේකම් කොට්ඨාසය විසින් හිමිකර ගත් අතර, මතුගම ප්රාදේශීය ලේකම් කොට්ඨාසය අනුශූරතාව දිනා ගැනීමට සමත් විය. දක්ෂතා දැක්වූ ක්රීඩක ක්රීඩිකාවන් ඇගයීම සඳහා සහතික පත්ර, පදක්කම් සහ කුසලාන ප්රදානය කිරීම ද මෙහිදී සිදු කෙරිණි.
උත්සවය අමතමින් අමාත්යවරයා අවධාරණය කළේ, නිරෝගී මෙන්ම ක්රීඩා කුසලතාවලින් පිරිපුන් තරුණ පරපුරක් රටට දායාද කිරීමේ වැදගත්කමයි. දිස්ත්රික් මට්ටමින් දක්ෂතා දක්වන ක්රීඩක ක්රීඩිකාවන් ජාතික මට්ටම දක්වා ඔසවා තැබීම සඳහා රජය නව වැඩපිළිවෙලක් ක්රියාත්මක කර ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
මෙම අවස්ථාව සඳහා කළුතර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන ඔශානි උමංගා සහ නිලන්ති කොට්ටහච්චී යන මහත්මීන්, බණ්ඩාරගම ප්රාදේශීය සභා සභාපති සමිත් ජයගේ මහතා ඇතුළු රාජ්ය නිලධාරීන් සහ ක්රීඩාලෝලීන් විශාල පිරිසක් සහභාගී වූහ. තරගාවලියේ සාර්ථකත්වය වෙනුවෙන් Wasana Bakers සහ Gihan Digital Printing Lab ආයතන අනුග්රාහකත්වය ලබා දී තිබුණි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර