අවිස්සාවේල්ල, ඉහළ තල්දූව ප්රදේශයේදී ඊයේ (06) උදෑසන සිදුවූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් පුද්ගලයෙකු ඝාතනයට ලක්ව ඇත. මෙම සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 58 හැවිරිදි එම ප්රදේශයේම පදිංචිකරුවෙකි.
මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, මරණකරු සහ අසල්වැසි නිවසක පදිංචි ඔහුගේම ඥාතියෙකු අතර ඇති වූ ආරවුලක් මෙම ඝාතනයට හේතු වී ඇති බවයි. සැකකරු විසින් මරණකරුට අතින් පයින් පහර දී මෙම අපරාධය සිදුකර ඇති බව පොලීසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් මත ක්රියාත්මක වූ අවිස්සාවේල්ල පොලීසියේ නිලධාරීන්, සැකකරු අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු 28 හැවිරිදි වියේ පසුවන අයෙකි.
අදාළ ඝාතනය සම්බන්ධයෙන් අවිස්සාවේල්ල පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සහ නීතිමය කටයුතු සිදුකරමින් පවතී.
