අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි. රටේ අධිකරණ පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා පුළුල් ප්රතිසංස්කරණ ක්රියාවලියක් අවශ්ය බවත්, එය තනි සංශෝධනයකින් පමණක් ඉටු කළ නොහැකි බවත් ඇය අවධාරණය කළාය.
පසුගිය වසර දෙක තුළ පොලිසිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ස්වාධීන සහ අපක්ෂපාතී ආයතන ලෙස ශක්තිමත් කිරීමට ගෙන ඇති පියවර පිළිබඳව අග්රාමාත්යවරිය කරුණු පැහැදිලි කළාය. විශේෂයෙන්ම රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු පිරවීම ඇතුළු පියවර මගින් විමර්ශන කටයුතු කඩිනම් කිරීමට කටයුතු කරමින් පවතින බව ඇය සඳහන් කළාය.
ප්රාදේශීය මට්ටමින් අභියාචනාධිකරණ පිහිටුවීම ඇතුළු යෝජිත ව්යවස්ථා සංශෝධන මගින් ජනතාවට යුක්තිය ඉටු කර ගැනීමේ අවස්ථාව පුළුල් කිරීමට අපේක්ෂා කරන බව අග්රාමාත්යවරිය පැවසුවාය. අධිකරණ පද්ධතියේ ප්රමාදයන් හේතුවෙන් සාමාන්ය ජනතාව පීඩාවට පත්වන අතරම, එයින් ඇතැම් පිරිස් වාසි ලබා ගන්නා බවද ඇය පෙන්වා දුන්නාය.
යෝජිත ව්යවස්ථා සංශෝධනය මගින් විනිසුරුවරුන්ගේ විශ්රාම වයස් සීමාව ඉහළ දැමීම සිදු කරන්නේ කිසිදු පුද්ගලයෙකු ඉලක්ක කරගෙන නොවන බවත්, එය ජාත්යන්තර ප්රමිතීන්ට අනුකූලව සිදුකරන බවත් ඇය අවධාරණය කළාය. මෙමගින් විධායකයට අධිකරණය මත බලපෑම් කිරීමක් සිදු නොවන බවද ඇය වැඩිදුරටත් පැවසුවාය.
රජයේ ආයතන කෙරෙහි මහජන විශ්වාසය ගොඩනැගෙමින් පවතින බවත්, වගකිවයුතු පාලන තන්ත්රයක් වෙනුවෙන් රට තුළ සිදුවන මෙම පරිවර්තනය අගය කළ යුතු බවත් අග්රාමාත්යවරිය අවසාන වශයෙන් සඳහන් කළාය.
