කළුතර වස්කඩුව ප්රදේශයේදී අද (08) උදෑසන සිදුවූ රිය අනතුරකින් කැලණිය විශ්වවිද්යාලයේ තාක්ෂණික පීඨයේ ඉගෙනුම ලැබූ 21 හැවිරිදි සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
මෙම සිසුවා සිය මිතුරන් පිරිසක් සමඟ යතුරුපැදිවලින් කොළඹ සිට ගාල්ල දෙසට විනෝද චාරිකාවක් යමින් සිටියදී මෙම අනතුර සිදුව තිබේ. ගමන් කරමින් තිබූ යතුරුපැදිය මාර්ගයේ දකුණු දෙසට බරව ඇදවැටීමත් සමඟ, ප්රතිවිරුද්ධ දෙසින් පැමිණි පාසල් වෑන් රථයක පසුපස රෝදයට සිසුවා යටවී ඇත.
අනතුරින් සිසුවා එම ස්ථානයේදීම මියගොස් ඇති බව කළුතර උතුර පොලීසිය පවසයි. මියගිය සිසුවා සිතුම් සංකල්ප නමැති අයෙකි.
අනතුරට සම්බන්ධ පාසල් වෑන් රථයේ රියදුරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහුව කළුතර මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. අනතුර සිදුවන අවස්ථාව සීසීටීවී කැමරාවක සටහන්ව ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්රියාත්මකයි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර