පාර්ලිමේන්තු කටයුතු අද උදෑසන නියෝජ්ය කථානායකවරයාගේ ප්රධානත්වයෙන් ආරම්භ විය.
අද දින පාර්ලිමේන්තු න්යාය පත්රයට අනුව පෙරවරු 9.30 සිට 10.00 දක්වා පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 22(1) සිට (6) දක්වා වූ කරුණු සඳහා කාලය වෙන් කර ඇත.
පෙරවරු 10.00 සිට 11.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්රශ්න සඳහා වෙන් කර ඇති අතර, පෙරවරු 11.00 සිට 11.30 දක්වා ස්ථාවර නියෝග 27(2) යටතේ ප්රශ්න ඇසීමට අවස්ථාව හිමිවේ.
අද දින පාර්ලිමේන්තුවේ ප්රධානතම කාර්යය වන්නේ දූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ දෙවන වර කියවීමයි. එය පෙරවරු 11.30 සිට පස්වරු 5.00 දක්වා විවාදයට ගැනීමට නියමිතය.
පස්වරු 5.00 සිට 5.30 දක්වා කාලය කල් තැබීමේ අවස්ථාවේ ප්රශ්න සඳහා වෙන් කර තිබේ.
