දිට්වා ආපදා තත්ත්වය හේතුවෙන් තම නිවාස අහිමි වූ සහ දැඩි අවදානමට ලක්වූ බදුල්ල දිස්ත්රික්කයේ, කන්දකැටිය ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 41ක් වෙනුවෙන් නව නිවාස ඉදිකිරීමේ ව්යාපෘතියට මුල්ගල් තැබීම පසුගියදා සිදු කෙරිණි.
මෙම ව්යාපෘතිය වැවිලි සහ ප්රජා යටිතල පහසුකම් අමාත්ය සමන්ත විද්යාරත්න මහතාගේ ප්රධානත්වයෙන් කන්දකැටිය, මහතැන්න, මැදලේයාය ප්රදේශයේදී ආරම්භ විය. රජයේ ඉඩමක ඉදිකෙරෙන මෙම නිවාස ව්යාපෘතිය අදියර කිහිපයක් යටතේ ක්රියාත්මක වීමට නියමිතය.
ආපදාවෙන් පූර්ණ නිවාස හානි වූ එක් පවුලක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 50ක මුදලක් ලබාදීමට රජය පියවර ගෙන ඇත. අදාළ පවුල් සඳහා ආරක්ෂිත සහ ස්ථිර නිවාස ලබාදීම මෙම ව්යාපෘතියේ මූලික අරමුණයි.
මීට අමතරව, දිට්වා ආපදාව හේතුවෙන් අර්ධ වශයෙන් නිවාස හානි වූ පවුල් 45ක් සඳහා රුපියල් ලක්ෂ 02 බැගින් වන්දි චෙක්පත් ප්රදානය කිරීමද මෙම අවස්ථාවේදී සිදු කෙරිණි.
අමාත්ය සමන්ත විද්යාරත්න මහතා සඳහන් කළේ, ආපදාවට ලක්වූවන් යළි ස්ථාවර ජීවන තත්ත්වයකට පත් කිරීම සඳහා ආරක්ෂක අමාත්යාංශය, බදුල්ල දිස්ත්රික් ලේකම් කාර්යාලය සහ ජාතික ආපදා සහන සේවා මධ්යස්ථානය එක්ව කඩිනමින් කටයුතු කරන බවයි.
මෙම අවස්ථාවට තරුණ කටයුතු නියෝජ්ය අමාත්ය දිනිඳු සමන් හෙන්නායක මහතා ඇතුළු රාජ්ය නිලධාරීන් සහ ප්රදේශවාසීන් පිරිසක් එක්ව සිටියහ.
