සුප්රකට ඉන්දීය ක්රිකට් ක්රීඩක විරාත් කෝලි සහ ඔහුගේ බිරිඳ අනුෂ්කා ෂර්මා වෘන්දාවනයේ පිහිටි ප්රේමනන්ද් මහරාජ්ගේ ආශ්රමයට පැමිණීම සඳහා ඉන්දීය රුපියල් කෝටි 5ක මුදලක් ලබාගත් බවට පැතිර යන වාර්තා අසත්ය බව කෝලිගේ ප්රකාශකයා පවසයි.
මෙම චෝදනාව එල්ල කර තිබුණේ ශ්රී ක්රිෂ්ණ ජන්මභූමි සංඝර්ෂ් න්යාසයේ සභාපති ෆලාහාරි මහරාජ් හෙවත් දිනේෂ් ෂර්මා විසිනි. ප්රේමනන්ද් මහරාජ්ගේ ජනප්රියත්වය ඉහළ නැංවීමේ අරමුණින් කෝලිව ආශ්රමයට ගෙන්වා ගැනීමට මෙම මුදල් ගෙවූ බව ඔහු ප්රකාශ කර තිබිණි.
එම චෝදනා පදනම් විරහිත සහ කරුණුමය වශයෙන් වැරදි බව අවධාරණය කරන කෝලිගේ පාර්ශ්වය, ඔවුන් එම ආශ්රමයට යන්නේ පෞද්ගලික ආගමික විශ්වාසයක් සහ ගෞරවයක් හේතුවෙන් පමණක් බව සඳහන් කරයි. 2023 වසරේ සිට ඔවුන් අවස්ථා කිහිපයකදීම එම ස්ථානයට ගොස් ඇති බව වාර්තා වේ.
වගකීම් විරහිත ප්රකාශ මාධ්ය මගින් ප්රචාරය කිරීමට පෙර කරුණු නිසි ලෙස තහවුරු කර ගන්නා ලෙස කෝලිගේ ප්රකාශකයා මාධ්ය ආයතනවලින් ඉල්ලා සිටී.
