ඉන්දියාවේ දිල්ලි නුවර පැවැත්වීමට නියමිත දැවැන්ත විරෝධතාවක් හේතුවෙන් මේ වන විට නගරයේ ආරක්ෂක විධිවිධාන දැඩි කර තිබේ. කොක්රෝච් ජනතා පක්ෂය විසින් සංවිධානය කර ඇති මෙම විරෝධතාව සඳහා පොලිසිය අවසර ලබාදී නොමැති අතර, මේ වන විටත් පුද්ගලයින් 400කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත.
ආරක්ෂක පියවරක් ලෙස දිල්ලි මෙට්රෝ දුම්රිය ස්ථාන 45ක ඇතුළුවීමේ සහ පිටවීමේ දොරටු වසා දැමීමට බලධාරීන් පියවර ගෙන ඇත. මීට අමතරව, ප්රාන්ත අතර ධාවනය වන දුම්රිය සහ දේශීය දුම්රිය ඇතුළු දුම්රිය 250කට වැඩි සංඛ්යාවක් අවලංගු කර තිබේ.
ජන්තර මන්තර සහ ඒ අවට සංවේදී ස්ථාන ආවරණය වන පරිදි පොලිසිය සහ මධ්යම සන්නද්ධ පොලිස් බලකායේ සාමාජිකයින් 20,000කට වැඩි පිරිසක් යෙදවීමට සැලසුම් කර ඇත. නගරයේ ඇතැම් ප්රදේශවල අන්තර්ජාල සේවා ද තාවකාලිකව අත්හිටුවා ඇති අතර, ආරක්ෂක කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා CCTV කැමරා 300කට වැඩි සංඛ්යාවක් සවිකර තිබේ.
විරෝධතාවට සහභාගී වන පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්රියාමාර්ග ගන්නා බවට පොලිසිය අනතුරු අඟවා ඇත. සිදුවීම් වාර්තා කිරීම සඳහා පොලිස් නිලධාරීන් වෙත ශරීර කැමරා ලබාදී ඇති අතර, සාමකාමීව කටයුතු කරන ලෙස බලධාරීන් මහජනතාවගෙන් ඉල්ලා සිටී.
