බුත්තල බීට්ටු වන කාර්යාලයට අනුයුක්තව සේවය කරන ක්ෂේත්ර වන නිලධාරියෙකු අල්ලස් ලබාගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ නිලධාරියා විසින් බුත්තල ප්රදේශයේ රජයේ ඉඩමක වගා කටයුතු සිදුකරන ගොවියෙකුගෙන් මෙම අල්ලස් මුදල ඉල්ලා ඇත. එම ඉඩමේ වගා කටයුතු සිදුකිරීමට නීතිමය බාධාවක් ඇති නොකර සිටීම වෙනුවෙන් ඔහු විසින් රුපියල් දසදහසක මුදලක් ඉල්ලා තිබූ බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් මෙම වැටලීම සිදුකර ඇත්තේ බුත්තල බස් නැවතුම්පළ ආසන්නයේදීය. සැකකරු අදාළ අල්ලස් මුදල ලබාගනිමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් නිලධාරියා මාතර ප්රදේශයේ පදිංචිකරුවෙකු බවත්, ඔහු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්රියාත්මක බවත් අල්ලස් කොමිසම වැඩිදුරටත් සඳහන් කරයි.
