අන්තර්ජාතික රැම්සා තෙත්බිමක් ලෙස නම් කර ඇති මාදු ගඟ ආශ්රිත පරිසර පද්ධතියේ සමතුලිතතාව ආරක්ෂා කර ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්රියාත්මක කිරීමට තීරණය කර ඇත. පරිසර නියෝජ්ය අමාත්ය ඇන්ටන් ජයකොඩි මහතාගේ ප්රධානත්වයෙන් බලපිටිය ප්රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවති සාකච්ඡාවකදී මෙම තීරණ ගෙන තිබේ.
දැනට මාදු ගඟේ සංචාරක බෝට්ටු 327ක් පමණ ක්රියාත්මක වන අතර, මෙම අධික බෝට්ටු සංඛ්යාව හේතුවෙන් ඉවුරු ඛාදනය වීම, කඩොලාන පද්ධතියට හානි සිදුවීම සහ ජලජ ජීවීන්ට බාධා ඇතිවීම වැනි බරපතළ පාරිසරික ගැටලු මතු වී ඇති බව අනාවරණය විය. මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා කෙටිකාලීන හා දිගුකාලීන විද්යාත්මක සැලැස්මක් සකස් කිරීමට අදාළ ආයතන එකඟතාව පළ කර ඇත.
නව නියාමනයන් යටතේ, අශ්වබල 15 හෝ ඊට අඩු එන්ජින් සහිත බෝට්ටු සඳහා පමණක් අවසර ලබාදීම, පෙට්රල් එන්ජින් භාවිතය අනිවාර්ය කිරීම සහ බෝට්ටු ධාවනය පෙරවරු 6.00 සිට පස්වරු 5.00 දක්වා සීමා කිරීමට යෝජනා වී තිබේ. එසේම, සියලුම සංචාරක බෝට්ටු වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කිරීම අනිවාර්ය කෙරේ.
නීතිමය පනත් කෙටුම්පතක් ගැසට් කරන තෙක්, දිස්ත්රික් සම්බන්ධීකරණ කමිටුවේ අනුමැතිය මත මෙම මාර්ගෝපදේශ ක්රියාත්මක කිරීමට නියමිතය. මෙම වැඩපිළිවෙළ අධීක්ෂණය කිරීම සඳහා රාජ්ය ආයතන සහ ශ්රී ලංකා පොලීසියේ සහභාගීත්වයෙන් ඒකාබද්ධ කමිටුවක් පිහිටුවීමට ද පියවර ගෙන ඇත.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර