මාකුඹුර ‘පාර්ක් ඇන්ඩ් රයිඩ්’ (Park & Ride) මධ්යස්ථානය හරහා සිදු කෙරෙන වාහන භාවිතය වසරේ පළමු කාර්තුව හා සැසඳීමේදී තෙවන කාර්තුව තුළ 54.9%ක වර්ධනයක් පෙන්නුම් කරන බව ප්රවාහන අමාත්යාංශය පවසයි.
පළමු කාර්තුවේදී මෙම පහසුකම භාවිතා කළ වාහන සංඛ්යාව 34,284ක් ලෙස සටහන්ව තිබූ අතර, තෙවන කාර්තුව වන විට එම සංඛ්යාව 53,129ක් දක්වා ඉහළ ගොස් ඇත.
මෙම වර්ධනයට ප්රධාන හේතුවක් ලෙස පසුගිය අප්රේල් මස 21 වන දින ආරම්භ කරන ලද මෙට්රෝ බස් සේවාව පෙන්වා දිය හැකිය. බස් රථ 10කින් ආරම්භ කළ මෙම සේවාව මගින් මගී ප්රවාහන කටයුතු වඩාත් කාර්යක්ෂම වී තිබේ.
තම පෞද්ගලික වාහන භාවිතා කරන ජනතාවට දෛනික ගමන් බිමන් සඳහා ආරක්ෂිත සහ විශ්වාසදායක පොදු ප්රවාහන සේවාවක් වෙත යොමු වීමට මෙමගින් අවස්ථාව උදාවී ඇති බව ප්රති අමාත්ය ප්රසන්න ගුණසේන මහතා සඳහන් කරයි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර