සෞදි අරාබියේ දම්මාම් මධ්‍යම බන්ධනාගාරයේ රඳවා සිටින ශ්‍රී ලාංකිකයෙකු වන අනෝජන් සිවරාසාගේ සුවදුක් විමසා බැලීම සඳහා එරට ශ්‍රී ලංකා තානාපති ඕ.එල්. අමීර් අජ්වඩ් මහතා විශේෂ සංචාරයක නිරත වී තිබේ.

රියාද් අගනුවර සිට කිලෝමීටර් 450ක් පමණ දුරින් පිහිටි මෙම බන්ධනාගාරයේදී තානාපතිවරයා අනෝජන් සිවරාසා හමුවී ඔහුගේ වත්මන් සෞඛ්‍ය තත්ත්වය සහ සුබසාධන කටයුතු පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ මඟපෙන්වීම යටතේ අනෝජන් වෙත අවශ්‍ය සියලුම කොන්සියුලර් සහ නෛතික සහාය ලබාදීමට තානාපති කාර්යාලය කැපවී සිටින බව තානාපතිවරයා එහිදී යළිත් සහතික කර තිබේ. එසේම, ඉදිරියේදී සෘජු සන්නිවේදනය සඳහා සිය පෞද්ගලික සම්බන්ධතා තොරතුරු ද ඔහු වෙත ලබා දී ඇත.

මෙම සංචාරයේදී තානාපතිවරයා දම්මාම් බන්ධනාගාර අධ්‍යක්ෂවරයා සහ වෛද්‍යවරයා සමඟ ද සාකච්ඡා පවත්වා ඇති අතර, අනෝජන් සිවරාසා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවත් බන්ධනාගාර බලධාරීන් ඔහුගේ සුබසාධනය කෙරෙහි අවධානය යොමු කර ඇති බවත් තානාපති කාර්යාලය තහවුරු කරයි.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version