දඹුල්ල මූලික රෝහලේ පවතින රෝගී තදබදය සහ ඉඩකඩ ගැටලුවලට ස්ථිර විසඳුමක් ලෙස රුපියල් බිලියන 12ක වියදමින් නව රෝහල් සංකීර්ණයක් ඉදිකිරීමට රජය පියවර ගෙන ඇත. මෙම ව්යාපෘතිය සඳහා යෝජිත භූමිය පසුගියදා සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතාගේ නිරීක්ෂණයට ලක් විය.
දඹුල්ල පොහොරන්වැව ප්රදේශයේ රංගිරි දඹුලු රජමහා විහාරය විසින් පරිත්යාග කරන ලද අක්කර 05ක භූමි භාගයක මෙම රෝහල ස්ථාපිත කිරීමට නියමිතය. රෝහලේ වැඩබලන වෛද්ය අධිකාරි වෛද්ය අරුණ කුමාර මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්වෙමින් ව්යාපෘතියේ සැලසුම් පිළිබඳව අමාත්යවරයාව දැනුවත් කළහ.
මෙම ව්යාපෘතියේ මූලික සංවර්ධන කටයුතු මේ වසර තුළම ආරම්භ කරන ලෙස අමාත්යවරයා උපදෙස් ලබා දී තිබේ. දඹුල්ල නගරයේ උපායමාර්ගික පිහිටීම හේතුවෙන් මෙම නව රෝහල මගින් මාතලේ, අනුරාධපුර, පොළොන්නරුව සහ කුරුණෑගල යන දිස්ත්රික්ක හතරේම ජනතාවට ඉහළ ගුණාත්මක සෞඛ්ය සේවාවක් ලබා ගැනීමට අවස්ථාව උදාවේ.
නව රෝහල් සංකීර්ණය ඉදිකිරීමෙන් අනතුරුව, දැනට රෝහල පවතින භූමිය දඹුල්ල නගර සංවර්ධන සැලැස්ම යටතේ ආර්ථික සංවර්ධන කටයුතු සඳහා යොදා ගැනීමට නියමිත බවද වාර්තා වේ.
