බ්රසීලයේ කුරිටිබා නගරයේ පිහිටි ළදරු පාසලක දරුවන් 13 දෙනෙකු ප්රාණ ඇපයට ගත් සිදුවීමක් වාර්තා වී තිබේ. සැකකරු පාසලේ ගේට්ටුවෙන් බලහත්කාරයෙන් ඇතුළු වී පන්ති කාමරයක් තුළ දරුවන් රඳවාගෙන ගොඩනැගිල්ලට ගිනි තබන බවට තර්ජනය කර ඇත.
සැකකරු සතුව පිහියක් සහ ගිනි අවියක් ලෙස පෙනෙන ව්යාජ ආයුධයක් තිබී ඇති අතර, ඔහු පන්ති කාමරය තුළ ගිනිගන්නා සුළු ද්රව්යයක් ඉස තිබූ බව පොලිස් ආරංචි මාර්ග පවසයි. සිද්ධිය අතරතුර එක් දරුවෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.
පොලිස් සාකච්ඡා කණ්ඩායම් සැකකරු සමඟ සාකච්ඡා කිරීමට උත්සාහ කළද, දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කර ගැනීම සඳහා ඔහුව අඩපණ කිරීම හැර වෙනත් විකල්පයක් නොතිබූ බව බලධාරීන් සඳහන් කරයි. සිදුකළ විශේෂ මෙහෙයුමකදී සැකකරු පොලිස් වෙඩි පහරින් මියගොස් ඇත.
පොලිස් නිලධාරීන් පවසන පරිදි සැකකරු භින්නෝන්මාද තත්ත්වයකින් පෙළෙන අයෙකු බවට හඳුනාගෙන ඇත. ඔහු දරුවන් රඳවාගෙන සිටි කාලය පුරාම එක් දරුවෙකු තමා අසල තබාගෙන සිටි බවද වාර්තා වේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්රියාත්මකයි.
