පිළියන්දල පොලිස් වසමට අයත් කරදියන ප්රදේශයේ සිදුකළ විශේෂ වැටලීමකදී නීතිවිරෝධී මත්පැන් තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්විය.
වලාන මධ්යම දූෂණ මර්දන ප්රහාරක බලකායේ නිලධාරීන්ට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇත.
එහිදී සැකකරු සතුව තිබී නීතිවිරෝධී මත්පැන් බෝතල් 100ක් සොයාගෙන ඇති අතර, එහි මුළු පරිමාව ලීටර් 75ක් බව වාර්තා වේ.
අත්අඩංගුවට ගත් සැකකරු 46 හැවිරිදි කරදියන ප්රදේශයේ පදිංචිකරුවෙකි. සැකකරු සහ අත්අඩංගුවට ගත් මත්පැන් තොගය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පිළියන්දල පොලිස් ස්ථානය වෙත භාරදී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් පිළියන්දල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
