අමාත්‍ය බිමල් රත්නායක මහතා සිය විදෙස් සංචාරයක් සඳහා ඊයේ (09) දිවයිනෙන් පිටත්ව ගියේය. ස්වීඩනයේ පැවැත්වීමට නියමිත ජන හමු මාලාවකට සහභාගී වීම අමාත්‍යවරයාගේ මෙම සංචාරයේ අරමුණයි.

අමාත්‍යවරයා ස්වීඩනයේ ස්ටොක්හෝම් අර්ලන්ඩා ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත ළඟා වූ අවස්ථාවේදී එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන් පිරිසක් විසින් උණුසුම් අයුරින් පිළිගෙන තිබේ.

ඉදිරි දින කිහිපය තුළ ස්වීඩනයේ සංවිධානය කර ඇති විවිධ ජන හමු සඳහා අමාත්‍යවරයා සහභාගී වීමට නියමිත බව වාර්තා වේ.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version