අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ඊයේ (10) වැඩබලන අටමස්ථානාධිපති පූජ්ය ඊතලවැටුණුවැවේ ඥානතිලක හිමියන් බැහැදැක ආශීර්වාද ලබා ගත්තේය. අග්රාමාත්යවරිය මෙම ආගමික වතාවත්වල නිරත වූයේ උතුරු මැද පළාතේ පාසල් පද්ධතිය නිරීක්ෂණය කිරීමේ සංචාරයකට එක්ව සිටි අතරතුරදීය.
මෙම හමුවේදී රජය විසින් ක්රියාත්මක කිරීමට අපේක්ෂිත නව වැඩපිළිවෙළ පිළිබඳව අග්රාමාත්යවරිය විසින් වැඩබලන අටමස්ථානාධිපති හිමියන් දැනුවත් කරන ලදී. රජයේ මෙම වැඩසටහන්වල සාර්ථකත්වය වෙනුවෙන් උන්වහන්සේ ආශීර්වාද පළ කළහ.
එහිදී අනුශාසනාවක් සිදු කළ වැඩබලන අටමස්ථානාධිපති හිමියන්, අධ්යාපන, රාජ්ය සහ කෘෂිකාර්මික ප්රතිපත්ති සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ පවතින වැදගත්කම අවධාරණය කළහ.
මෙම අවස්ථාව සඳහා අනුරාධපුර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී මෙන්ම වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්ය වසන්ත සමරසිංහ මහතා ද එක්ව සිටියේය.
