සෞදි අරාබියේ රියාද් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව සෞදි සිවිල් ගුවන්සේවා අධිකාරිය නිවේදනය කරයි. මෙම ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් 309 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

මියගිය පිරිස අතර සෞදි ජාතිකයින් සිව්දෙනෙකු සහ බංග්ලාදේශ ජාතිකයින් දෙදෙනෙකු සිටින බව වාර්තා වේ. මීට අමතරව ඇමෙරිකානු, ජෝර්දාන්, පලස්තීන, සිරියානු, සුඩාන සහ ඊජිප්තු ජාතිකයින් ද මියගිය අය අතරට අයත් වේ.

ප්‍රහාරයත් සමඟ ගුවන්තොටුපොළේ සියලුම මෙහෙයුම් කටයුතු වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට බලධාරීන් පියවර ගෙන ඇත.

මෙම ප්‍රහාරය හූති කැරලිකරුවන් විසින් එල්ල කරන්නට ඇතැයි සැක පළ කෙරේ. සෞදි හමුදා ප්‍රමුඛ ආරක්ෂක අංශ පවසන්නේ මෙම ප්‍රහාරය යුද අපරාධයක් ලෙස සලකන බවත්, ඊට එරෙහිව දැඩි ලෙස ප්‍රතිචාර දැක්වීමට පසුබට නොවන බවත්ය.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version