කළු ගඟේ ඉහළ ජල පෝෂක ප්රදේශවලට පවතින අධික වර්ෂාව හේතුවෙන් එම ගඟේ ජල මට්ටම සීඝ්රයෙන් ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
අද (12) උදෑසන වන විට මෝල්කන්ද ජල මට්ටම මැනීමේ ස්ථානයෙන් ලැබුණු දත්තවලට අනුව, ජල මට්ටම මීටර් පහ ඉක්මවා ගොස් ඇති බව වාර්තා වේ.
මෙම තත්ත්වය හේතුවෙන් කළු ගඟ දෙපස පහත් බිම්වල පදිංචි ජනතාවට ජල මට්ටම ඉහළ යාම පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙයි.
ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බැවින්, ගඟ ආශ්රිත ප්රදේශවල ජනතාව තම ආරක්ෂාව පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන ලෙස බලධාරීන් ඉල්ලා සිටී.
