හම්බන්තොට දිස්ත්රික් මහ රෝහලේ පවතින ගැටලු හඳුනාගනිමින් එහි සේවා ගුණාත්මකභාවය සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා විශේෂ කළමනාකරණ සමාලෝචන රැස්වීමක් සෞඛ්ය නියෝජ්ය අමාත්ය වෛද්ය හංසක විජේමුණි මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්විණි.
දකුණු පළාතේ ප්රධාන සෞඛ්ය මධ්යස්ථානයක් ලෙස ක්රියාත්මක වන මෙම රෝහල හරහා ලක්ෂ හතකට ආසන්න ජනතාවක් ප්රතිකාර ලබති. රෝහලේ පවතින සම්පත් උපරිම ලෙස භාවිත කිරීම සහ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා විධිමත් ‘මාස්ටර් ප්ලෑන්’ එකක අවශ්යතාව මෙහිදී අවධාරණය කෙරිණි.
නව වකුගඩු ප්රතිකාර ඒකකයක් ඉදිකිරීමට අමතරව, හෘද කැතීටකරණ ඒකකයක්, හදිසි අනතුරු ප්රතිකාර ඒකකයක් සහ දරුවන් සඳහා ඔටිසම් ප්රතිකාර මධ්යස්ථානයක් ස්ථාපිත කිරීමේ අවශ්යතාව පිළිබඳව ද සාකච්ඡා විය. එසේම, වෛද්ය උපකරණ නවීකරණය සහ සේවා ඩිජිටල්කරණය කිරීම කෙරෙහි ද අවධානය යොමු කර ඇත.
රෝහලේ පවතින මානව සම්පත් පුරප්පාඩු පිරවීම සඳහා අමාත්යාංශයේ සැලසුම්ගත වැඩපිළිවෙළ යටතේ කඩිනම් පියවර ගන්නා බව නියෝජ්ය අමාත්යවරයා සහතික විය. රෝගීන් සඳහා අත්යවශ්ය ඖෂධ සහ ශල්යකර්ම උපකරණ අඛණ්ඩව සැපයීම සඳහා වෛද්ය සැපයුම් අංශය සමඟ සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමේ වැදගත්කම ද මෙහිදී පෙන්වා දෙන ලදී.
මීට අමතරව, හම්බන්තොට පැරණි රෝහල් පරිශ්රයේ රුපියල් මිලියන 640ක වියදමින් ස්ථාපිත කෙරෙන ලීනියර් ඇක්සලරේටර් යන්ත්රය ඇතුළු පිළිකා ප්රතිකාර සඳහා අවශ්ය නවීන උපකරණ ස්ථාපනය කිරීමේ කටයුතු ද නියෝජ්ය අමාත්යවරයා විසින් නිරීක්ෂණය කරන ලදී. මෙමගින් පිළිකා රෝගීන්ට තම ප්රදේශයට ආසන්නවම උසස් ප්රතිකාර ලබාගැනීමේ අවස්ථාව උදාවනු ඇත.
