සුපිරි තරුව රජිනිකාන්ත් ප්රධාන චරිතයට පණ පොවන ‘ජේලර් 2’ චිත්රපටය ඉන්දියාව ඇතුළු රටවල් රැසක ප්රදර්ශනය ආරම්භ කිරීමත් සමඟ රසිකයින් මහත් උද්යෝගයකින් යුතුව එය සමරමින් සිටින බව වාර්තා වේ.
ජපානය, සිංගප්පූරුව, එක්සත් අරාබි එමීර් රාජ්යය, කැනඩාව සහ ඇමරිකා එක්සත් ජනපදය යන රටවල රසිකයින් ද මෙම චිත්රපටය නැරඹීමට විශාල වශයෙන් එක්ව සිටියහ. චෙන්නායි හි කාසි සිනමා ශාලාව අසල පැවති උත්සවයට රජිනිකාන්ත්ගේ දියණිය වන සෞන්දර්යා ද එක්ව සිටි අතර ඇය එහිදී බෙර වාදන මධ්යයේ නර්තනයේ යෙදීම ද විශේෂත්වයක් විය.
බොහෝ රටවල රසිකයින් රජිනිකාන්ත්ගේ දැවැන්ත කටවුට්වලට මල් මාලා පළඳවා, රතිඤ්ඤා දල්වමින් තම සතුට ප්රකාශ කර තිබේ. විශේෂයෙන්ම ඩුබායි හි අලුයම 3.00 සිටම සිනමා ශාලා රසිකයින්ගෙන් පිරී පැවති බව සඳහන් වේ.
නෙල්සන් දිලීප්කුමාර් විසින් අධ්යක්ෂණය කරන ලද මෙම චිත්රපටයේ විශ්රාමික බන්ධනාගාර නිලධාරියෙකු වන මුතුවේල් පාණ්ඩියන්ගේ චරිතයට රජිනිකාන්ත් නැවතත් පණ පොවයි. මෝහන්ලාල්, ශිව රාජ්කුමාර්, එස්.ජේ. සූර්යා සහ විද්යා බාලන් ඇතුළු ප්රවීණ නළු නිළියන් රැසක් මෙයට රංගනයෙන් දායක වන අතර සංගීත අධ්යක්ෂණය අනිරුද් රවිචන්දර් විසින් සිදු කර ඇත.
ඉන්දියාව සහ ජපානය යන රටවල එකම දිනයකදී චිත්රපටයක් තිරගත වන පළමු අවස්ථාව ලෙස ද ‘ජේලර් 2’ වාර්තා පොතට එක්වේ. දශක ගණනාවකට පසුව වුවද ලොව පුරා සිටින රසිකයින් අතර රජිනිකාන්ත් සතු අසීමිත ජනප්රියත්වය මෙම චිත්රපටය හරහා නැවතත් තහවුරු වී තිබේ.
