මන්නාරම දිස්ත්රික්කයේ සිලාවතුරේ සහ අරිප්පු වෙරළ තීරය ආශ්රිතව නව වෙරළ උද්යානයක් ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීමේ උත්සවය පසුගියදා පැවැත්විණි. පරිසර කටයුතු පිළිබඳ නියෝජ්ය අමාත්ය ඇන්ටන් ජයකොඩි මහතාගේ ප්රධානත්වයෙන් මෙම වැඩසටහන ආරම්භ කෙරිණි.
මෙම ව්යාපෘතියේ මූලික අරමුණ වන්නේ වෙරළ තීරය ආරක්ෂා කිරීම, ධීවර ප්රජාවගේ පහසුකම් වැඩිදියුණු කිරීම සහ සංචාරක ආකර්ෂණය දිනා ගැනීමයි. විශේෂයෙන්ම ඩෝරික් බංගලාව ආශ්රිත ප්රදේශයේ පවතින සංචාරක විභවය සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන ඇත.
පවතින දැඩි වෙරළ ඛාදනය පාලනය කිරීම සඳහා විද්යාත්මක ක්රමවේදයන් අනුගමනය කරමින් මෙම ඉදිකිරීම් සිදු කෙරේ. වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව සහ පරිසර අමාත්යාංශය එක්ව මෙම ව්යාපෘතිය ක්රියාත්මක කරයි.
නව රජයේ වෙරළ සංරක්ෂණ ප්රතිපත්තියට සමගාමීව දිවයින පුරා මෙවැනි වෙරළ උද්යාන ඉදිකිරීමේ වැඩසටහන් රැසක් ක්රියාත්මක වෙමින් පවතී. මෙම උද්යානය ඉදිකිරීමෙන් පසු ප්රදේශයේ ධීවරයින්ට සිය බෝට්ටු නවතා තැබීම සඳහා වැඩි ඉඩකඩක් සහ පහසුකම් ලැබෙනු ඇත.
