හම්බන්තොට ජාත්යන්තර වරාය සමූහය විසින් නිකුත් කළ නවතම දත්ත වාර්තාවන්ට අනුව, 2025 මාර්තු මාසයේ සිට 2026 සැප්තැම්බර් දක්වා කාලය තුළ වාහන 167,569ක් වරාය හරහා බෙදාහැර ඇත.
එම දත්තවලට අනුව, 2025 වසරේ මාර්තු සිට දෙසැම්බර් දක්වා කාලය තුළ වාහන 86,389ක් ද, 2026 වසරේ සැප්තැම්බර් දක්වා කාලය තුළ වාහන 81,180ක් ද මෙලෙස බෙදාහැර තිබේ. බෙදාහැර ඇති වාහන අතර නවතම වාහන මෙන්ම භාවිත කළ වාහන ද ඇතුළත් වේ.
වාහන ආනයන ක්ෂේත්රයේ පවතින විවිධ අභියෝග සහ ප්රවාහන බාධා මධ්යයේ වුවද, ආනයනකරුවන්ට අවශ්ය සහාය ලබාදීමට වරාය සමූහය පියවර ගෙන ඇත. විශේෂයෙන්ම, වාහන ආනයන සීමා පැවති සමයේ වරායේ රඳවා තිබූ වාහන සඳහා පනවා තිබූ ප්රමාද ගාස්තු ඉවත් කිරීමට සහ සහන ලබාදීමට පියවර ගැනීම ආනයනකරුවන්ගේ ඇගයීමට ලක්ව තිබේ.
ශ්රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පෙන්වා දෙන්නේ, වරාය සමූහය දක්වන මෙහෙයුම් නම්යශීලීත්වය සහ ප්රායෝගික සහාය ක්ෂුද්ර, කුඩා සහ මධ්ය පරිමාණ ව්යාපාරිකයින්ට විශාල පිටුවහලක් වී ඇති බවයි. ගල්ෆ් කලාපයේ ඇති වූ බාධා හේතුවෙන් බලපෑමට ලක්වූ වාහන සඳහා ගබඩා ගාස්තු සීමා කිරීමේ ක්රමවේදයක් ද මේ වන විට හඳුන්වා දී ඇත.
මේ පිළිබඳ අදහස් දක්වමින් හම්බන්තොට ජාත්යන්තර වරාය සමූහයේ ප්රධාන විධායක නිලධාරී විල්සන් ක්ව් මහතා සඳහන් කළේ, ඉහළ යන ඉල්ලුමට ප්රතිචාර දැක්වීම සඳහා වරායේ හැසිරවීමේ ධාරිතාව පමණක් නොව, පාරිභෝගිකයින්ගේ අවශ්යතා හඳුනාගෙන කටයුතු කිරීම ද අත්යවශ්ය බවයි.
