ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ගණන්වල සැලකිය යුතු ඉහළ යාමක් වාර්තා වී තිබේ. පසුගිය මැයි මාසයෙන් පසු පළමු වරට බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 110ක අගයක් දක්වා ඉහළ ගොස් ඇත.

මෙම මිල ඉහළ යාමට ප්‍රධාන හේතුව ලෙස පෙන්වා දී ඇත්තේ මැද පෙරදිග කලාපයේ පවතින නොසන්සුන්කාරී වාතාවරණයයි. විශේෂයෙන්ම හෝර්මූස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව සිදුවන ප්‍රහාර සහ සෞදි අරාබිය ඉලක්ක කර ගනිමින් සිදුවන ප්‍රහාර මීට බලපා තිබේ.

එසේම රුසියාවේ පිහිටි තෙල් පිරිපහදු මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් එල්ල වන ප්‍රහාර ද ගෝලීය තෙල් සැපයුමට සහ මිල තීරණය කිරීමට සෘජුවම බලපෑම් කර ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත්, වාර්තා වන නවතම දත්තවලට අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් මේ වන විට ඩොලර් 109.86ක මිලකට අලෙවි වේ. එමෙන්ම WTI බොරතෙල් බැරලයක මිල ඩොලර් 101.41ක් ලෙස සටහන්ව ඇත.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version