සිරදඬුවම් විඳින බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා මහා සංඝරත්නය ප්රමුඛ පිරිසක් විසින් ගාලුමුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ආරම්භ කර තිබූ සත්යග්රහය ඊයේ (16) දහවල් අවසන් කිරීමට පියවර ගත්හ.
කොටුව මහෙස්ත්රාත් පසන් අමරසේන මහතා විසින් නිකුත් කළ නියෝගයකට අනුව, ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය, මහ බැංකුව සහ මුදල් අමාත්යාංශය ඇතුළු ප්රදේශ කිහිපයකට ඇතුළුවීම වළක්වාලමින් පූජ්ය උලපනේ සුමංගල හිමි ඇතුළු පිරිසකට නියෝග පනවා තිබුණි. පොලිසිය විසින් මෙම අධිකරණ නියෝගය දැනුම් දීමෙන් අනතුරුව විරෝධතාකරුවන් එම ස්ථානයෙන් ඉවත්වීමට කටයුතු කළහ.
අනතුරුව එම පිරිස පා ගමනින් කොටුව අධිකරණ සංකීර්ණය වෙතත්, පසුව බුද්ධශාසන හා සංස්කෘතික කටයුතු අමාත්යාංශය වෙතත් ගමන් කළහ. එහිදී බලධාරීන් සමඟ සාකච්ඡාවක නිරත වූ පූජ්ය බලංගොඩ කස්සප හිමියන් සඳහන් කළේ ඥානසාර හිමියන් නිදහස් කරන තෙක් සිය විරෝධතාව අත් නොහරින බවයි.
තමන් වහන්සේලාගේ ඉල්ලීම් ඉටු වනතුරු විහාරමහාදේවි උද්යානයේ බුද්ධ ප්රතිමා වහන්සේ අසල රැඳී සිටිමින් අඛණ්ඩව විරෝධතාවයේ නිරත වන බවද උන්වහන්සේ වැඩිදුරටත් අවධාරණය කළහ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර