යුරෝපයේ වෙසෙන ශ්රී ලාංකික ප්රජාවට දේපළ මිලදී ගැනීමේ ක්රියාවලියේදී මඟ පෙන්වීම සහ සහාය ලබා දෙන Lighthouse ආයතනය, Calin Popular Awards 2026 සම්මාන උළෙලේදී යුරෝපයේ ජනප්රියම ශ්රී ලාංකික දේපළ සේවා සපයන්නා ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. මෙම ජයග්රහණය ආයතනයේ වර්ධන ගමන් මඟෙහි සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරයි.
දිනේෂ් පතිරගේ මහතා සහ ආචාර්ය මාර්කෝ රගුචි මහතා විසින් ආරම්භ කරන ලද මෙම ආයතනය, නිවාස මිලදී ගැනීමේදී පාරිභෝගිකයන් මුහුණ දෙන ගැටලු සහ දුෂ්කරතා මඟහරවා ගැනීමට අවශ්ය උපදේශන සේවාවන් සපයයි. තමන් මුහුණ දුන් අත්දැකීම් පදනම් කරගනිමින්, අන් අයට නිවැරදි මඟ පෙන්වීම ලබා දීමේ අරමුණින් මෙම ආයතනය ගොඩනැගූ බව පතිරගේ මහතා සඳහන් කළේය.
ඉතාලියේ කුඩා ව්යාපාරයක් ලෙස ආරම්භ වූ Lighthouse, මේ වන විට රෝමය ප්රධාන කාර්යාලය කරගනිමින් මිලානෝ, වෙරෝනා, ෆිරෙන්සේ සහ ලූකා යන නගරවල සිය ශාඛා ජාලය ව්යාප්ත කර ඇත. නුදුරේදීම නාපෝලි නගරයේ නව ශාඛාවක් විවෘත කිරීමට ද ආයතනය සැලසුම් කර තිබේ.
සිය ව්යාපාරයේ සාර්ථකත්වයට පාරිභෝගික විශ්වාසය සහ විනිවිදභාවය ප්රධාන හේතුව බව පතිරගේ මහතා අවධාරණය කරයි. අනාගතයේදී තාක්ෂණය උපයෝගී කරගනිමින් සිය සේවාවන් තවදුරටත් නවීකරණය කිරීමටත්, ඉදිරි වසර පහ තුළ ඉතාලියෙන් ඔබ්බට යුරෝපය පුරා සිය ව්යාපාරික මෙහෙයුම් ව්යාප්ත කිරීමටත් ආයතනය අපේක්ෂා කරයි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර