හයිටි රාජ්යයේ ක්රියාත්මක ‘ගෑන්ග් සප්රෙෂන් ෆෝස්’ (GSF) සාම සාධක මෙහෙයුම සඳහා ශ්රී ලංකා හමුදා සාමාජිකයන් පිරිසක් එක්වීමට පිටත්ව ගොස් ඇත. ඒ අනුව, ශ්රී ලංකා යුද හමුදාවේ 173 දෙනෙකු සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ 45 දෙනෙකුගෙන් සමන්විත 218 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පසුගිය ඔක්තෝබර් 16 වන දින සිය රාජකාරි සඳහා පිටත්ව ගියහ.
මීට පෙර, පසුගිය ඔක්තෝබර් 14 වන දින යුද හමුදා නිලධාරීන් 21 දෙනෙකු සහ සෙසු නිලයන් 259 දෙනෙකු ඇතුළත් 280 දෙනෙකුගෙන් යුත් තවත් කණ්ඩායමක් හයිටි බලා පිටත්ව ගියේය. මෙම භට පිරිස් හයිටි රාජ්යයේ ආරක්ෂක කටයුතු, සන්නද්ධ රථ මුර සංචාර සහ ප්රධාන සැපයුම් මාර්ගවල ආරක්ෂාව තහවුරු කිරීමේ මෙහෙයුම් සඳහා දායක වනු ඇත.
මේ අතර, ජාත්යන්තර සහයෝගීතාවයේ සහ සුහදත්වයේ සංකේතයක් ලෙස, එම මෙහෙයුම සඳහා ගමන් කරමින් සිටි බංග්ලාදේශ හමුදා සාමාජිකයන් 50 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමකට ශ්රී ලංකාව තුළදී අවශ්ය පහසුකම් සලසා දීමට ශ්රී ලංකා යුද හමුදාව පියවර ගෙන තිබේ.
පසුගිය ඔක්තෝබර් 15 වන දින දිවයිනට පැමිණි එම බංග්ලාදේශ කණ්ඩායම සඳහා ආහාර, නවාතැන් සහ ප්රවාහන පහසුකම් ඇතුළු අවශ්ය සියලුම පහසුකම් ශ්රී ලංකා යුද හමුදාවේ මැදිහත්වීමෙන් ලබා දී ඇත.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර