අඹතලේ ජල පවිත්‍රාගාරයේ ඇතිව තිබූ විදුලි සැපයුමේ බාධා ඉවත් කර, මේ වන විට එහි කටයුතු යථා තත්ත්වයට පත් කර ඇති බව ජල සම්පාදන මණ්ඩලය නිවේදනය කරයි.

පවිත්‍රාගාරයේ විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීමෙන් අනතුරුව, ජලය බෙදාහැරීමේ කටයුතු යළි ආරම්භ කිරීමට පියවර ගෙන ඇත.

ඒ අනුව, අදාළ ප්‍රදේශවල ජල පාරිභෝගිකයන්ට සාමාන්‍ය පරිදි ජලය ලබා ගැනීමේ හැකියාව පවතින බව ජල සම්පාදන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version