ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අග්රාමාත්යවරයාගේ ප්රධානත්වයෙන් බදුල්ල දිස්ත්රික් කාන්තා සමුළුව අද (18) පැවැත්වීමට නියමිතය.
‘එම රජයට වසර දෙකක්, රටට අභිමානයක්’ යන තේමාව යටතේ මෙම සමුළුව සංවිධානය කර ඇත්තේ ජාතික ජන බලවේගය විසිනි.
බදුල්ල සේනානායක ක්රීඩාංගණයේදී අද උදෑසන 9.30 ට මෙම සමුළුව ආරම්භ වීමට නියමිතව ඇත.
වත්මන් රජය විසින් ක්රියාත්මක කරනු ලබන වැඩසටහන් සහ ඉදිරි සැලසුම් පිළිබඳව මෙහිදී ජනතාව දැනුවත් කිරීමට අපේක්ෂිතය.
