බංග්ලාදේශයේ විමුක්ති යුද කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ඉෂ්රාක් හොසේන් මහතා විසින් මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුවන බවට සැක කෙරෙන ස්ථානයක් වැටලීමට ගිය වීඩියෝවක් මේ වන විට අන්තර්ජාලය තුළ සංසරණය වෙමින් පවතී. එහි දැක්වෙන්නේ අමාත්‍යවරයා එක් අතක ශබ්ද විකාශන යන්ත්‍රයක් සහ අනෙක් අතේ පිස්තෝලයක් රැගෙන පිරිසක් පසුපස හඹා යන ආකාරයයි.
මෙම සිදුවීම වාර්තා වී ඇත්තේ බංග්ලාදේශයේ ඩකා අගනුවර ගෙන්ඩාරියා දුම්රිය ස්ථානය ආසන්නයේ පිහිටි මුඩුක්කු ප්රදේශයකිනි. වැටලීම සිදුකරන අවස්ථාවේදී අමාත්‍යවරයා සමඟ සාමාන්‍ය ඇඳුමින් සැරසී සිටි පිරිසක් ද සිට ඇති අතර, ඔවුන් අතරින් අයෙකු ද ගිනි අවියක් රැගෙන සිටිනු වීඩියෝවේ දක්නට ලැබේ.
සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඩකා මෙට්‍රොපොලිටන් පොලිසියේ අතිරේක නියෝජ්‍ය කොමසාරිස් මසූද් රානා සඳහන් කළේ, මෙම වැටලීම සිදු කිරීමට පෙර අමාත්‍යවරයා පොලිසිය දැනුවත් කර නොතිබූ බවයි. පසුව එම ස්ථානයට පැමිණි පොලිසිය අමාත්‍යවරයාගේ සහායකයන් විසින් රඳවාගෙන සිටි පුද්ගලයන් හයදෙනෙකු භාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් පුද්ගලයන් සන්තකයේ තිබී කුඩු වර්ගයක් සොයාගෙන ඇති අතර, එය මත්ද්‍රව්‍යයක් දැයි තහවුරු කර ගැනීමට පරීක්ෂණ සිදු කෙරේ. තම මැතිවරණ කොට්ඨාසය මත්ද්‍රව්‍යවලින් තොර ප්‍රදේශයක් බවට පත් කරන තෙක් මෙවැනි මෙහෙයුම් අඛණ්ඩව සිදුකරන බව අමාත්‍යවරයා පවසා ඇතත්, මහජන නියෝජිතයෙකු මෙවැනි ආකාරයකින් වැටලීම් සිදු කිරීම කෙරෙහි සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ විවේචන ද එල්ල වී තිබේ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර