කළුතර නාගොඩ ප්රදේශයේ අවන්හලක් අසලදී පසුගිය ඔක්තෝබර් 09 වැනිදා සිදුවූ ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් මේ වන විට පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ. ‘ඩ්රැගන් සම්පත්’ ලෙස ප්රකට තුෂාර සම්පත් එදිරිසිංහ සහ ඔහුගේ බිරිඳ මෙම ප්රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූහ.
පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, ඩුබායි රාජ්යයේ සැඟවී සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘කළුතර නවීන්’ සහ ඔහුගේ ගෝලයෙකු වන ‘දොඩංගොඩ ධනුක’ විසින් මෙම ඝාතනය සැලසුම් කර ඇති බවයි. ඩ්රැගන් සම්පත් විසින් කළුතර නවීන්ගේ රුපියල් කෝටි 10ක මුදලක් වංචා කිරීම මෙම ඝාතනයට ප්රධාන හේතුව බව පොලිසිය පවසයි.
ප්රධාන වෙඩික්කරු ලෙස කටයුතු කර ඇත්තේ පුනරුත්ථාපනය වූ එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකි. මොහු කංජිපානි ඉම්රාන්ගේ ගෝලයෙකු ලෙස කටයුතු කළ අයෙකු බවත්, අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව තිබී අයිස් මත්ද්රව්ය සහ සිම්පත් තොගයක් සොයාගත් බවත් වාර්තා වේ.
ප්රහාරය සඳහා T-56 ගිනි අවියක් භාවිතා කර ඇති අතර, එම ස්ථානයෙන් පතොරොම් කොපු 30ක් සොයා ගැනීමට විමර්ශන නිලධාරීන්ට හැකි විය. සිද්ධියට ආධාර අනුබල දුන් තවත් සැකකරුවන් තිදෙනෙකු ද මේ වන විට අත්අඩංගුවට ගෙන ඇත.
මියගිය ඩ්රැගන් සම්පත් දේශපාලන රැකවරණ මැද විවිධ අපරාධවලට සම්බන්ධව සිටි අයෙකු බවත්, ඔහුට එරෙහිව මිනීමැරුම් සහ අවි ජාවාරම් ඇතුළු චෝදනා රැසක් තිබූ බවත් අනාවරණය වී තිබේ. කළුතර දකුණ පොලිසිය සහ අපරාධ කොට්ඨාසය එක්ව වැඩිදුර විමර්ශන සිදුකරයි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර