බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා පසුගිය දා මහා විහාරවංශික ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහානායක, අතිගෞරවාර්හ කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති මහානායක ස්වාමින් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.

මෙම හමුවේදී වර්තමානයේ රට තුළ මතුවෙමින් පවතින ආගමික ව්‍යාකූලතා පිළිබඳව මහානායක ස්වාමින් වහන්සේ අමාත්‍යවරයාගේ අවධානය යොමු කළහ. එවැනි තත්ත්වයන් රටේ ඉදිරි ගමනට බාධාවක් බව පෙන්වා දුන් උන්වහන්සේ, මේ සම්බන්ධයෙන් රජය කඩිනමින් මැදිහත් වී විසඳුම් ලබා දිය යුතු බවට අමාත්‍යවරයාට අනුශාසනා කළහ.

මෙම අවස්ථාව සඳහා බලංගොඩ පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත පුෂ්පකුමාර සහ බලංගොඩ නගර සභා සභාපති පේෂල නිකලන්ද යන මහත්වරුන් ද සහභාගී වී සිටියහ.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version