ලෝක ආහාර දිනයට සමගාමීව, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා හා සමුපකාර සංවර්ධන අමාත්ය වසන්ත සමරසිංහ මහතාගේ ප්රධානත්වයෙන් ‘වස විසෙන් තොර පලතුරු දරුවන්ට’ ජාතික වැඩපිළිවෙළේ තවත් පියවරක් අනුරාධපුරයේදී ක්රියාත්මක විය.
පලතුරු කෘත්රිමව ඉදවීමේදී අනුමත නොකළ රසායනික ද්රව්ය භාවිත කිරීම පාරිභෝගික සෞඛ්යයට, විශේෂයෙන්ම දරුවන්ට බරපතළ තර්ජනයක් වී තිබේ. මෙම වැඩසටහන මගින් වෙළෙඳුන්, නිෂ්පාදකයන් සහ ගොවීන් විද්යාත්මක හා සෞඛ්යාරක්ෂිත ක්රමවේද වෙත යොමු කිරීම අපේක්ෂා කෙරේ.
මෙම වැඩපිළිවෙළ යටතේ පලතුරු වෙළෙඳුන් සඳහා ඩිජිටල් දත්ත පද්ධතියක් හඳුන්වා දී ඇති අතර, ඔවුන් ලියාපදිංචි කිරීමේ කටයුතු අනුරාධපුරයෙන් ආරම්භ විය. අනුමත ක්රමවේද පිළිබඳ තාක්ෂණික දැනුම සහ ප්රායෝගික පුහුණුව ලබාදීමට ජාතික පසු අස්වනු තාක්ෂණ කළමනාකරණ ආයතනය තාක්ෂණික හවුල්කරුවා ලෙස කටයුතු කරයි.
2027 අප්රේල් මාසයේ සිට නියමිත ක්රමවේදවලට පටහැනිව කටයුතු කරන පාර්ශ්වයන්ට එරෙහිව නීතිය දැඩිව ක්රියාත්මක කිරීමට රජය සැලසුම් කර ඇත. එතෙක් අදාළ පාර්ශ්වයන් දැනුවත් කිරීම සහ අවශ්ය සහාය ලබාදීම සිදු කෙරෙනු ඇත.
