දකුණු ඉන්දීය සිනමාවේ ජනප්‍රියම තරු යුවළක් වන රශ්මිකා මන්දනා සහ විජේ දේවරකොණ්ඩා පිළිබඳව රසිකයන් අතර නිරන්තරයෙන් කතාබහක් පවතී. ඔවුන්ගේ පෞද්ගලික ජීවිතය සහ විවාහය පිළිබඳව මෙතෙක් නොදැන සිටි රහසක් ජනප්‍රිය රූපවාහිනී වැඩසටහනක් වන ‘කොෆී විත් කරන්’ (Koffee With Karan 9) හරහා මේ වන විට හෙළි වී තිබේ.

මෙම වැඩසටහනට සහභාගී වූ අවස්ථාවේදී රශ්මිකා පවසා ඇත්තේ, තමන්ව විවාහ කරගන්නා ලෙස විජේගෙන් ඉල්ලා සිටීමට තමන් වසරක පමණ කාලයක් උත්සාහ කළ බවයි. විවාහ යෝජනාව මුලින්ම ඉදිරිපත් කළේ කවුරුන්ද යන්න පිළිබඳව වැඩසටහන් මෙහෙයවන්නා විමසූ අවස්ථාවේදී විජේ සිනහවකින් යුතුව පවසා ඇත්තේ රශ්මිකා අවස්ථා සියයකට වඩා ඒ පිළිබඳව තමන්ගෙන් විමසා සිටි බවයි.

මෙම සංවාදයේදී තවදුරටත් අදහස් දක්වමින් විජේ විවාහ ජීවිතයේ පළමු නීතිය ලෙස සඳහන් කළේ, “බිරිඳ සමඟ සැමවිටම එකඟ වන්න” යන්නයි. ඔවුන් දෙදෙනා අතර පවතින මෙම සැහැල්ලු සහ විනෝදජනක සම්බන්ධතාවය රසිකයන් අතර දැඩි කතාබහට ලක්ව තිබේ.

2018 වසරේ ‘ගීතා ගෝවින්දම්’ චිත්‍රපටයෙන් රංගනයෙන් එක්වූ මෙම යුවළ ඉන් පසුව ‘ඩියර් කොම්රේඩ්’ චිත්‍රපටයෙන් ද ප්‍රේක්ෂක ආදරය දිනා ගත්හ. වසර ගණනාවක් තිස්සේ රහසිගතව පැවති ඔවුන්ගේ ආදර සම්බන්ධය අවසානයේ විවාහයකින් කෙළවර වූ අතර, ඔවුන් මේ වන විටත් සිනමා ක්ෂේත්‍රයේ එකට කටයුතු කරමින් සිටිති.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version