නාච්චාදූව වැව් රක්ෂිතය ආශ්‍රිතව අතුරුදහන්ව සිටින ‘අග්බෝ’ ඇතා සොයා ගැනීමේ මෙහෙයුම් අද (19) දෙවැනි දිනටත් සාර්ථකව ආරම්භ කර තිබේ.

අද පෙරවරු 7.15ට පමණ මෙම සෝදිසි මෙහෙයුම ආරම්භ කෙරුණු අතර ඒ සඳහා යුද හමුදා සෙබළුන් 50 දෙනෙකු එක්ව සිටිති.

21 වන පාබළ සේනාංකයේ නිලධාරීන් සිව්දෙනෙකුගේ මගපෙන්වීම යටතේ ක්‍රියාත්මක වන මෙම මෙහෙයුමට මේජර් ජෙනරාල් කමින්ද සිල්වා, බ්‍රිගේඩියර් බස්නායක සහ මේජර් සිල්වා ඇතුළු පිරිසක් එක්ව සිටින බව වාර්තා වේ.

වනජීවී නිලධාරීන්ගේ සහයද ඇතිව යුද හමුදාව විසින් මෙම සෝදිසි කටයුතු අඛණ්ඩව සිදුකරනු ලබයි.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version