තුවාල ලබා සිටින බවට වාර්තා වන ‘අග්බෝ’ නමැති ඇතා සොයා නාච්චාදූව ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් විශේෂ සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර ඇත. වනජීවී දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා යුද හමුදාව එක්ව මෙම මෙහෙයුම ක්‍රියාත්මක කරයි.

මෙම මෙහෙයුම සඳහා යුද හමුදා සාමාජිකයින් 65 දෙනෙකු සහ වනජීවී නිලධාරීන් 10 දෙනෙකු එක්ව සිටිති. ඊයේ පස්වරුවේ අදාළ ප්‍රදේශයේදී මෙම ඇතා දුටු බවට ප්‍රදේශවාසීන් තොරතුරු ලබා දී තිබුණද, එම භූමි ප්‍රදේශය ඉතා විශාල බැවින් සත්වයා සිටින නිශ්චිත ස්ථානය සොයා ගැනීම අභියෝගයක් වී තිබේ.

සෝදිසි කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා දැනටමත් ඩ්‍රෝන තාක්ෂණය භාවිත කෙරෙන අතර, ගුවන් හමුදාවේ විශේෂ නිරීක්ෂණ ඩ්‍රෝන යානයක් ද කඩිනමින් මෙහෙයුමට එක් කර ගැනීමට නියමිතය.

අග්බෝ ඇතා සොයාගෙන ඔහුට අවශ්‍ය කඩිනම් වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම මෙම ඒකාබද්ධ මෙහෙයුමේ ප්‍රධාන අරමුණයි. සෝදිසි කටයුතු අඛණ්ඩව සිදු කෙරෙන බව බලධාරීන් සඳහන් කරයි.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version