අනුරාධපුර, පිහිණියගොල්ලෑව වේවැල්කැටිය ප්‍රදේශයේදී දැඩි අසනීප තත්ත්වයෙන් පසුවූ වයස අවුරුදු 5ක් පමණ වන අලි පැටවෙකු සොයාගෙන තිබේ.

මෙම අලි පැටවාට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම පණ්ඩුලගම වනජීවී පශු වෛද්‍ය ඒකකයේ විශේෂඥ වෛද්‍යවරුන් විසින් මේ වන විට ආරම්භ කර ඇත.

වනජීවී පශු වෛද්‍ය චන්දන ජයසිංහ සහ පශු වෛද්‍ය උදේශිකා මධුවන්ති යන මහත්ම මහත්මීන් ඇතුළු කණ්ඩායමක් අදාළ ස්ථානයටම ගොස් මෙම ප්‍රතිකාර කටයුතු සිදුකරනු ලබයි.

අලි පැටවාගේ වයස සහ පවතින රෝගී තත්ත්වය සැලකිල්ලට ගනිමින්, ඔහුට අවශ්‍ය විශේෂිත පෝෂණය සහ වෛද්‍ය පහසුකම් අඛණ්ඩව ලබාදීමට වනජීවී දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

පැය 24 පුරා ක්‍රියාත්මක වන පරිදි වනජීවී නිලධාරීන් සහ වෛද්‍ය කණ්ඩායම් අලි පැටවාගේ සෞඛ්‍ය තත්ත්වය නිරීක්ෂණය කරමින් සිටින අතර, ඉදිරි දිනවලදී ඔහු පූර්ණ සුවය ලැබීම සඳහා වැඩිදුර ප්‍රතිකාර ලබාදීමට නියමිතය.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version