වික්ටෝරියාස් සීක්රට් (Victoria’s Secret) සන්නාමය විසින් සිය සුප්රකට විලාසිතා වේදිකාවට නැවත වරක් අතිවිශිෂ්ට ලෙස පිවිසීමට කටයුතු කර තිබේ. මෙවර එම විලාසිතා දැක්මේ විශේෂ අවධානය දිනාගත්තේ ලොව මිල අධිකම දියමන්ති ආභරණය ලෙස සැලකෙන ‘Fantasy Bra’ නිර්මාණයයි. මෙම සුවිශේෂී නිර්මාණය ප්රදර්ශනය කිරීම සඳහා තෝරාගෙන තිබුණේ ජනප්රිය රූපලාවණ්ය ව්යවසායිකාවක සහ රියැලිටි තාරකාවක වන කයිලි ජෙනර්ය.
මෙම ආභරණය නිර්මාණය කිරීම සඳහා ශිල්පීන් 15 දෙනෙකු පැය 1,000කට වැඩි කාලයක් වැය කර ඇති අතර, එහි සමස්ත වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 50ක් ලෙස ඇස්තමේන්තු කර ඇත. මෙය මීට පෙර පැවති වාර්තාගත වටිනාකමට වඩා ඩොලර් මිලියන 35ක ඉහළ යාමකි.
කැරට් 75.54ක බරින් යුත් ‘Fancy Vivid Yellow’ වර්ගයේ දියමන්තියක් කේන්ද්ර කරගනිමින්, ස්වභාවික දියමන්ති 4,410ක් ඔබ්බවා මෙම නිර්මාණය නිමවා තිබේ. මෙහි බර රාත්තල් හතරකට ආසන්න වන අතර, මෙය හුදෙක් විලාසිතා අංගයක් පමණක් නොව කෞතුකාගාරයක ප්රදර්ශනය කිරීමට තරම් වටිනා කලා නිර්මාණයක් බව වික්ටෝරියාස් සීක්රට් ආයතනය පවසයි.
විලාසිතා වේදිකාවට පිවිසි කයිලි ජෙනර්, සුදු පැහැති පිහාටු සහිත පියාපත් සහ විනිවිද පෙනෙන පාවහන් යුගලයක් සමඟ මෙම අතිසුඛෝපභෝගී ආභරණය පැළඳ සිටියාය. සමාජ මාධ්ය තුළ මිලියන 380කට අධික අනුගාමිකයන් පිරිසක් සිටින ඇයගේ මෙම පෙනී සිටීම රසිකයන් අතර දැඩි කතාබහට ලක්ව තිබේ.
