ප්රකට බොලිවුඩ් සිනමා නළු ටයිගර් ෂ්රෝෆ් ගමන් ගත් රථයට එල්ල වූ වෙඩි ප්රහාරයක් හේතුවෙන් ඔහු දැඩි කම්පනයට පත්ව සිටින බව විදෙස් මාධ්ය වාර්තා කරයි. මෙම අනපේක්ෂිත සිදුවීමෙන් නළුවාට බරපතල හානියක් සිදුවී නොමැති බව මුම්බායි පොලිසිය තහවුරු කර තිබේ.
කෙසේ වෙතත්, මෙම වෙඩි තැබීම හේතුවෙන් ටයිගර් ෂ්රෝෆ්ගේ රියදුරා තුවාල ලබා ඇති අතර, නළුවා ගමන් ගත් මෝටර් රථයටද දැඩි අලාභ හානි සිදුව ඇත. මේ වන විට නළුවාගේ ආරක්ෂාව තහවුරු කර ඇති බව බලධාරීන් පවසයි.
සිද්ධිය සැලවීමත් සමඟ මහාරාෂ්ට්ර ප්රාන්තයේ නියෝජ්ය මහ ඇමති එකනාත් ෂින්ඩේ මහතා වහාම ටයිගර් ෂ්රෝෆ්ගේ නිවස වෙත ගොස් ඔහුගේ සුවදුක් විමසා තිබේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් මේ වන විටත් මුම්බායි පොලිසිය විසින් ආරම්භ කර ඇත.
