ජපානයේ පැවැත්වෙන 5 වැනි ආසියානු පරා ක්රීඩා උළෙලේදී ශ්රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට දක්ෂතාවක් විදහා දක්වමින් රන් පදක්කමක් දිනා ගැනීමට ජනනි ධනංජනා වික්රමසිංහ සමත්ව තිබේ.
කාන්තා දුර පැනීමේ T47 ඉසව්ව නියෝජනය කළ ඇය, මීටර් 5.52ක දුරක් වාර්තා කරමින් නව තරග වාර්තාවක් ද පිහිටුවමින් මෙම ජයග්රහණය අත්කර ගත්තේය. මෙම ඉසව්වේදී රිදී පදක්කම ඉන්දීය ක්රීඩිකාවකට හිමි වූ අතර, ලෝකඩ පදක්කම චීන ක්රීඩිකාවකට හිමි විය.
එම ඉසව්වටම සහභාගී වූ ශ්රී ලංකාවේ තවත් ක්රීඩිකාවක් වන චතුනි ජයසුන්දර මීටර් 4.11ක දුරක් වාර්තා කරමින් තරගයේ සිව්වන ස්ථානය ලබා ගත්තාය.
මෙම ජයග්රහණයත් සමඟ ජනනි ධනංජනා මෙවර ආසියානු පරා ක්රීඩා උළෙලේදී තමන් දිනාගත් දෙවැනි පදක්කම වාර්තා කිරීමට සමත් විය. මීට පෙර ඇය කාන්තා T47 කාණ්ඩයේ මීටර් 200 ධාවන ඉසව්වෙන් රිදී පදක්කමක් දිනාගෙන තිබුණි.
ජනනිගේ මෙම දක්ෂතාව ජාත්යන්තර පරා මලල ක්රීඩා පිටියේදී ශ්රී ලංකාවට මහත් ගෞරවයක් අත්කර දීමට හේතු වී තිබේ.
