කලාකරු කළණ සහ රුචිනි යුවළගේ විවාහ මංගල උත්සවය පසුගිය දිනවල සමාජ මාධ්ය තුළ දැඩි කතාබහට ලක්විය. මෙම විවාහයෙන් අනතුරුව ඔවුන්ගේ පවුල් පසුබිම් මෙන්ම බාහිර ස්වරූපය සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන් විවිධ අදහස් පළ කර තිබිණි.
එලෙස තමාගේ බර සහ බාහිර රූපකාය ගැන සමාජ මාධ්ය ඔස්සේ පැතිර ගയ අදහස්වලට පිළිතුරු ලබා දෙමින් රුචිනි සමාජ මාධ්ය ඔස්සේ අපූරු සටහනක් තබා ඇත. තමන්ට කෙට්ටු වීමට කිසිදු අවශ්යතාවක් නොමැති බව ඇය එහිදී අවධාරණය කර තිබේ.
තමන්ට දුරකථන ඇමතුම් ලබා දෙමින් සහ පණිවිඩ එවමින් බර අඩු කරගැනීමට ක්රම පවසන පිරිස් හොඳ චේතනාවෙන් ඒවා පවසන බව තේරුම් ගන්නා බවද ඇය සඳහන් කර ඇත. එහෙත් එවැනි කෙටි ක්රම සහ ශල්යකර්මවල අහිතකර බලපෑම් හේතුවෙන් තමන් ඒවාට තදින්ම විරුද්ධ වන බව ඇය පවසා තිබේ.
අස්වාභාවික ක්රමවලින් ශරීරයට විවිධ දේ කිරීමට අකමැති බව පවසන රුචිනි, මීට පෙර කිසිදු කෙටි ක්රමයකින් තොරව කිලෝ 47ක බරක් අඩු කරගත් අයෙකු ලෙස එවැනි දේ ගැන තමන් හොඳින්ම දන්නා බවද වැඩිදුරටත් සඳහන් කර ඇත.
