හිටපු ආපදා කළමනාකරණ අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි මහතා විසින් රජයේ වාහනයක් පෞද්ගලික කටයුතු සඳහා භාවිත කිරීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ සමාව අයැද තිබේ. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් නියෝගයකට අනුව අද (24) දින පුවත්පත් දැන්වීමක් මගින් ඔහු මෙම සමාව අයැදීම සිදු කර ඇත.

නෙදර්ලන්ත රජය විසින් ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණ කටයුතු සඳහා ලබාදුන් වාහනයක් පෞද්ගලික අරමුණු සඳහා යොදාගැනීම තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාව යටතේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

මෙම නඩුව හිටපු ලංකා වාණිජ මණ්ඩල සභාපති චන්ද්‍රා ජයරත්න මහතා විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, ජනක් ද සිල්වා සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග විය.

අදාළ තීන්දුවට අනුව, ෆවුසි මහතාට රුපියල් මිලියන 6.6කට ආසන්න මුදලක් රජයේ ඒකාබද්ධ අරමුදලට ගෙවීමටත්, සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවලින් ප්‍රසිද්ධ පුවත්පත්වල සමාව අයැදීමේ දැන්වීම් පළ කිරීමටත් අධිකරණය නියෝග කර තිබුණි.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version