ශ්රී ලංකා යුද්ධ හමුදාව විසින් සංවිධානය කරන ලද 14 වන ආරක්ෂක සේවා අත්පන්දු තරගාවලිය පසුගිය ඔක්තෝබර් 19 සිට 23 දක්වා පනාගොඩ යුද්ධ හමුදා ගෘහස්ථ ක්රීඩාංගණයේදී ඉතා උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
මෙම තරගාවලියේ අවසන් මහා තරගයේදී යුද්ධ හමුදා කණ්ඩායම ලකුණු 38 – 32ක් ලෙස පරාජයට පත් කරමින් පිරිමි ශූරතාව හිමිකර ගැනීමට නාවික හමුදා අත්පන්දු කණ්ඩායම සමත් විය.
තරගාවලිය පුරා විශිෂ්ට දක්ෂතා දැක්වූ ක්රීඩකයන් ඇගයීමට ලක් කෙරුණු අතර, එහිදී හොඳම ක්රීඩකයා ලෙස නායක නැවි එච්.ඒ.ඩී. හෙට්ටිගොඩ සම්මාන දිනා ගත්තේය.
එමෙන්ම, හොඳම ආරක්ෂක ක්රීඩකයා ලෙස නායක ලිපිකරු කේ.කේ.ඩී. නුවන්ජිත් සහ හොඳම ආක්රමණශීලී ක්රීඩකයා ලෙස නායක නැවි ඩබ්ලිව්.ඒ.සී.පී. විජේවර්ධන යන මහත්වරුන් කුසලාන දිනා ගැනීමට සමත් වූහ.
මෙම අවස්ථාව සඳහා නාවික හමුදා ක්රීඩා අධ්යක්ෂ කොමදෝරු ඉන්දික එදිරිසිංහ, ආරක්ෂක සේවා ක්රීඩා මණ්ඩලයේ සම්බන්ධීකරණ නිලධාරී කපිතාන් නිස්සංක වික්රමසිංහ සහ නාවික හමුදා අත්පන්දු සංගමයේ සභාපති කොමාණ්ඩර් සුපුන් ලීලාරත්න ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර