බන්ධනාගාරගත කෙරෙන බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ සිවුරු ඉවත් කිරීම සහ ඒ සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ක්රියාපටිපාටිය පිළිබඳව බන්ධනාගාර ආඥා පනතේ නිත්ය නියෝග සංශෝධනය කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. අධිකරණ අමාත්යවරයාගේ අනුමැතිය මත වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ප්රසාද් හේමන්ත කුමාර මහතා විසින් මෙම සංශෝධන නිකුත් කර තිබේ.
නව නියෝගවලට අනුව, බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් සිරගත කරන අවස්ථාවේදී උන්වහන්සේගේ සිවුරු ඉවත් කිරීමට පියවර ගන්නේ නම්, ඒ පිළිබඳව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව හරහා අදාළ නිකාය හෝ පාර්ශ්වය දැනුවත් කිරීම අනිවාර්ය වේ. සිවුරු ඉවත් කිරීම සම්බන්ධයෙන් ගනු ලබන පියවර පිළිබඳව දින 10ක් ඇතුළත බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත වාර්තා කළ යුතු බව එම ගැසට් නිවේදනයේ සඳහන් වේ.
එම කාලසීමාව තුළ අදාළ පාර්ශ්වවලින් ප්රතිචාරයක් නොලැබෙන්නේ නම්, පවතින නීතිමය විධිවිධාන අනුව කටයුතු කිරීමට බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට බලය පැවරේ. එසේම, සිරගත කළ භික්ෂූන් වහන්සේ නමක් නිදහස් කරන අවස්ථාවේදී, බන්ධනාගාරගත කළ අවස්ථාවේ පැළඳ සිටි සිවුරු නැවත ඇඳීමට අවසර ලබා දිය යුතුය.
මෙම ක්රියාවලිය සඳහා අවශ්ය අනුමැතිය ලබාගැනීමේ කටයුතු සිරගත කළ දිනයේ සිට වැඩ කරන දින හතක් ඇතුළත බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවට දැනුම් දිය යුතු බවද නියෝගවල දැක්වේ. මීට අමතරව, වෙනත් ආගමික පූජකවරුන් බන්ධනාගාරගත කිරීමේදී ද මෙම නියෝගවලට සමාන ක්රියාපටිපාටියක් අනුගමනය කළ යුතු බව ගැසට් නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර