සෑම දරුවෙකුටම ගුණාත්මක අධ්යාපනයක් ලබාදීම රජයේ ප්රමුඛතම අරමුණ බවත්, ඒ සඳහා පවතින ආර්ථික අභියෝග මධ්යයේ වුවද අධ්යාපනය වෙනුවෙන් විශාල ප්රතිපාදන වෙන් කර ඇති බවත් අග්රාමාත්ය, අධ්යාපන, උසස් අධ්යාපන හා වෘත්තීය අධ්යාපන අමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්රකාශ කළාය.
පොළොන්නරුව විජිත ප්රාථමික විද්යාලයේ ඉදිකළ නව දෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්රාමාත්යවරිය මේ බව සඳහන් කළාය. රුපියල් මිලියන 55ක වියදමින් ඉදිකළ මෙම ගොඩනැගිල්ල පන්ති කාමර අටකින් සමන්විත වේ.
අධ්යාපන ප්රතිසංස්කරණ ක්රියාත්මක කිරීමේදී විෂය නිර්දේශ වෙනස් කිරීම පමණක් ප්රමාණවත් නොවන බවත්, ඒ සඳහා අවශ්ය යටිතල පහසුකම්, ගුරු පුහුණුව සහ සුදුසු පාසල් පරිසරයක් නිර්මාණය කිරීම අත්යවශ්ය බවත් ඇය අවධාරණය කළාය. සිසුන්ට සතුටින් සහ නිදහසේ ඉගෙනුම ලැබිය හැකි ආරක්ෂිත පාසල් පරිසරයක් ගොඩනැගීම රජයේ අපේක්ෂාවයි.
අධ්යාපන ක්ෂේත්රයේ වෘත්තීය ප්රමිතීන් තහවුරු කිරීම සඳහා අධ්යාපන සභාවක් පිහිටුවීමට අවශ්ය නීතිමය කටයුතු ආරම්භ කර ඇති බවද අග්රාමාත්යවරිය පැවසුවාය. එසේම, ගුරු පුහුණු වැඩසටහන් සහ ජාතික අධ්යාපන විද්යාපීඨවල විෂය මාලාවන් නව ප්රතිසංස්කරණවලට අනුකූලව සංශෝධනය කෙරෙමින් පවතී.
අධ්යාපන ක්රමයේ පවතින ආයතනික ගැටලු සහ මානව සම්පත් හිඟයට විසඳුම් ලබාදෙමින් සමස්ත අධ්යාපන පද්ධතියේම වෙනසක් ඇති කිරීම රජයේ අරමුණ බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය. මෙම ඉලක්කය සපුරා ගැනීම සඳහා ගුරුවරුන්ගේ කැපවීම මෙන්ම දෙමාපියන්ගේ සහ සමාජයේ සහයෝගයද අත්යවශ්ය බව අග්රාමාත්යවරිය සිහිපත් කළාය.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර