26 වන ශ්රී ලංකා ආර්ථික සහ ආයෝජන සමුළුවට (SLEIS) එක්වෙමින් අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය මේ බව සඳහන් කළාය. රටේ ආර්ථික දර්ශක යහපත් අතට හැරෙමින් පවතින බවත්, අපනයන අංශයේ මෙම වර්ධනය කැපී පෙනෙන බවත් ඇය පෙන්වා දුන්නාය.
ඩිජිටල් ආර්ථිකය 2030 වන විට ඇමරිකානු ඩොලර් බිලියන 15ක් දක්වා වර්ධනය කිරීම රජයේ ඉලක්කය බව අග්රාමාත්යවරිය මෙහිදී අවධාරණය කළාය. ඒ සඳහා ඩිජිටල් අපනයන ආදායම ඩොලර් බිලියන 5ක් දක්වා ඉහළ නැංවීමට සහ 200,000ක ඩිජිටල් ශ්රම බලකායක් බිහි කිරීමට සැලසුම් කර ඇත.
රජයේ ආයතන නවීකරණය කිරීම සඳහා ‘GovPay’ වැනි ඩිජිටල් වේදිකා හරහා දැනටමත් රුපියල් බිලියන 6කට අධික ගනුදෙනු සිදුකර ඇති බව ඇය පෙන්වා දුන්නාය. සෞඛ්ය, කෘෂිකර්ම, බලශක්ති සහ ප්රවාහන යන ක්ෂේත්රවල කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට නවීන තාක්ෂණය භාවිත කිරීමේ වැදගත්කම ද අග්රාමාත්යවරිය අවධාරණය කළාය.
අධ්යාපන ක්ෂේත්රයේ තාක්ෂණික දියුණුව පිළිබඳව අදහස් දක්වමින් ඇය කියා සිටියේ, තාක්ෂණය භාවිත කිරීමේදී සමාජ අසමානතා ඇති නොවන පරිදි එය කළමනාකරණය කළ යුතු බවයි. පාසල් පද්ධතිය තුළ ඩිජිටල් පහසුකම් පුළුල් කිරීම සඳහා පස් අවුරුදු සැලැස්මක් ක්රියාත්මක කරන බව ද ඇය සඳහන් කළාය.
මෙම අවස්ථාව සඳහා ඩිජිටල් ආර්ථික අමාත්යාංශයේ ලේකම්වරයා ඇතුළු රාජ්ය නිලධාරීන් සහ ව්යාපාරික ක්ෂේත්රයේ නියෝජිතයින් පිරිසක් එක්ව සිටියහ. රජය, පෞද්ගලික අංශය සහ කර්මාන්ත ක්ෂේත්රය එක්ව කටයුතු කිරීමෙන් පමණක් රටේ අනාගත ශ්රම බලකාය ශක්තිමත් කළ හැකි බව අග්රාමාත්යවරිය වැඩිදුරටත් අවධාරණය කළාය.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර