බෙංගාල බොක්ක මුහුදු ප්රදේශයේ වර්ධනය වෙමින් පවතින පීඩන අවපාතයක් හේතුවෙන් උතුරු අක්ෂාංශ 10ත් 20ත් අතර සහ නැගෙනහිර දේශාංශ 80ත් 95ත් අතර මුහුදු ප්රදේශවල ධීවර හා නාවික කටයුතුවල නිරත වීමෙන් වළකින ලෙස කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
මෙම පද්ධතිය තවදුරටත් වර්ධනය වෙමින් ඉදිරි දින කිහිපය තුළ සුළි කුණාටුවක් සහ ප්රබල සුළි කුණාටුවක් දක්වා තීව්ර වීමේ ඉහළ සම්භාවිතාවක් පවතින බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. මේ වන විටත් අදාළ මුහුදු ප්රදේශවල රැඳී සිටින ධීවර ප්රජාව වහාම ආරක්ෂිත ස්ථාන කරා ගමන් කරන ලෙස උපදෙස් ලබා දී ඇත.
මේ අතර, දිවයින වටා පවතින මුහුදු ප්රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60ක් දක්වා ඉහළ යා හැකි බවත්, මුහුදු ප්රදේශ රළු විය හැකි බවත් අනාවැකි පළ වේ. විශේෂයෙන්ම ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී සුළඟේ වේගය තාවකාලිකව පැයට කිලෝමීටර් 70ක් දක්වා ඉහළ යා හැකි බවද සඳහන් වේ.
ධීවර හා නාවික ප්රජාව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන ඉදිරි නිවේදන පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙස ඉල්ලා සිටී.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර