2027 වසරේදී දෙවන සහ හයවන වසර සඳහා නව විෂය මාලාව හඳුන්වා දීමට පියවර ගන්නා බව අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්රකාශ කළාය. පොළොන්නරුව, ඇතුමල්පිටිය ප්රාථමික විද්යාලයේ නව ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළාය.
නව අධ්යාපන ප්රතිසංස්කරණ මගින් දැනුම ලබාදීමට පමණක් නොව, සිසුන්ගේ කුසලතා සංවර්ධනය කරමින් යහපත් හර පද්ධතියකින් යුතු පුරවැසියන් බිහි කිරීම රජයේ අරමුණ බව අග්රාමාත්යවරිය අවධාරණය කළාය. ශිෂ්ය කේන්ද්රීය අධ්යාපන ක්රමයක වැදගත්කම පෙන්වා දුන් ඇය, දැනුම ප්රායෝගිකව භාවිත කිරීමේ හැකියාව සිසුන් තුළ වර්ධනය විය යුතු බව පැවසුවාය.
ගුරු සහ විදුහල්පති සේවාවන් ශක්තිමත් කිරීම සඳහා වසර ගණනාවකට පසු ගුරුවරුන් 23,006ක් බඳවා ගැනීමට අදාළ තරඟ විභාග අවසන් කර ඇති බවත්, ලබන නොවැම්බර් මාසයේදී සම්මුඛ පරීක්ෂණ ආරම්භ කරන බවත් ඇය සඳහන් කළාය. එසේම අධ්යාපන ක්ෂේත්රයේ වෘත්තිකයන්ගේ වෘත්තීය භාවය සුරැකීමට අධ්යාපන සභාවක් පිහිටුවීමේ නෛතික කටයුතු ද ආරම්භ කර ඇත.
ආර්ථික අර්බුදය හමුවේ අතරමග නතර වී තිබූ පාසල් ඉදිකිරීම් වත්මන් රජය යටතේ කඩිනමින් අවසන් කිරීමට පියවර ගත් බව අග්රාමාත්යවරිය සිහිපත් කළාය. අධ්යාපන ක්ෂේත්රයේ යටිතල පහසුකම් සහ මානව සම්පත් සංවර්ධනය සඳහා රජය විශාල ආයෝජනයක් සිදු කරන බව ද ඇය වැඩිදුරටත් පැවසුවාය.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර